ශ්‍රී ලංකාව

මෙරටට අලුත් කොවිඩ් මර්දන එන්නතක් ගේන්න සැලසුම්

එක් මාත්‍රාවක් පමණක් ප්‍රමාණවත් වන ජොන්සන් ඇන්ඩ් ජොන්සන් කොවිඩ් මර්දන එන්නත මෙරට එන්නත්කරණ වැඩසටහන සඳහා යොදා ගැනීමට අවධානය යොමුව ඇති බව රාජ්‍ය අමාත්‍ය වෛද්‍ය සුදර්ශනි ප්‍රනාන්දුපුල්ලේ පැවසුවාය.

අද (17) පැවති මාධ්‍ය හමුවකදී රාජ්‍ය අමාත්‍යවරිය පැවසුවේ මේ වනවිට මෙරට තුළ කොවිඩ් රෝගීන් වාර්තාවීමේ අඩුවීමක් දක්නට ලැබෙන බවය.

වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරිය මෙසේද සදහන් කළාය.

“මේ වනවිට කොවිඩ් රෝගීන්ගේ අඩුවීමේ ප්‍රවණතාවයක් තියෙනවා. විවිධ එන්නත් කෙරෙහි අපේ අවධානය යොමුවෙලා තියෙනවා. ඒ ආයතනවලින් කවුරුහරි නියෝජිතයෙක් ඉල්ලුම් කරන්න ඕනේ ලියාපදිංචි කරන්න. ඊයේ SPC ආයතනයේ සභාපතිතුමා කිව්වා ෆයිසර් ආයතනයට දන්වලා තියෙනවා කියලා ලියාපදිංචිය සඳහා අවශ්‍ය තොරතුරු එවන්න කියලා.”

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

සබැඳි ලිපි

Back to top button