ශ්‍රී ලංකාව

ශ්‍රී ලංකාවේ වනාන්තර වල අනාගත ඉරණම

“අපගේ වනාන්තර වල හෙට දවස” යන තේමාව යටතේ මානව ක්‍රියාකාරකම් සහ දේශගුණික විපර්යාස වලට මැදිවූ ශ්‍රී ලංකාවේ වනාන්තර වල අනාගත ඉරණම පිළිබඳව සාකච්ඡාවක් පැවැත්වීමට Hashtag Generation (#පරපුර) සංවිධානය කටයුතු සූදානම් කර ඇත.

මෙම පිළිසඳර සඳහා ජ්‍යෙෂ්ඨ පරිසරවේදී, නීතීඥ ආචාර්ය ජගත් ගුණවර්ධන, ශ්‍රී ලංකාවේ පාරිසරික පදනමේ අධ්‍යක්ෂිකා ආචාර්ය සෙව්වන්දි ජයකොඩි සහ පරිසරවේදී සුපුන් ජයවීර යන අය එක්වීමට නියමිතව ඇත.

මාර්තු 21 වන ඉරිදා සවස 6.00 ට Hashtag Generation නමැති ෆේස්බුක් පිටුව ඔස්සේ මෙම සාකච්ඡාව සඳහා ඕනෑම අයෙක්ට සජීවීව සම්බන්ධ වියහැකි බව දැනුම් දෙයි.

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

සබැඳි ලිපි

Back to top button