ශ්‍රී ලංකාව

මුස්ලිම්වරුන් සහ ජිනීවා යෝජනා නිසා ශ්‍රී ලංකාවට දැඩි පීඩනයක්

රටේ ඉස්ලාමීය රැඩිකල්වාදය මැඩපැවැත්වීමේ පියවරක් ලෙස ශ්‍රී ලංකා රජය යළිත් වරක් බුර්කාව සහ නිකාබය තහනම් කිරීමේ යෝජනාවක් සභාගත කර ඇත. කෙසේ වෙතත්, මුස්ලිම්වරුන් සහ මුස්ලිම් නොවන දේශීය හා ජාත්‍යන්තර විවේචනය ඉදිරියේ එය දරුණු ලෙස පසුබෑමට ලක්ව තිබේ. එවැනි ඇඳුම් ඇඳ සිටින මුස්ලිම් කාන්තාවන්ගෙන් සියයට 0.1 ක් වැනි එවැනි පියවරක් රටේ ඉස්ලාමීය අන්තවාදයට එරෙහිව සටන් කිරීමේදී බුර්කාව සහ නිකාබ් ප්‍රධාන බව සාධාරණීකරණය නොකරයි.

පාස්කු ප්‍රහාරයෙන් පසු බුර්කාව තහනම් කරන ලද අතර ඔවුන්ව වෙනස් කොට සැලකීම පිළිබඳව මුස්ලිම්වරුන් විරුද්ධ වූ අතර අවසානයේ රජය එම තහනම ඉවත් කරන ලදි. ඉස්ලාමීය පාසල් දහසකට වැඩි ප්‍රමාණයක් වසා දමන බවත් ඉස්ලාමීය අන්තවාදීන්ට සම්බන්ධ ප්‍රධාන ඉස්ලාමීය සංවිධාන 11 කට සම්බාධක පනවන බවත් රජය ප්‍රකාශ කර ඇත..

මෙම තහනම් කිරීමේ යෝජනා ගෙන එනු ලැබුවේ 2009 යුද්ධයේ අවසාන අදියරේ ශ්‍රී ලංකාව බරපතල මානව හිමිකම් උල්ලංඝනය කිරීම් සිදු කළේ යැයි පවසමින් ජිනීවාහි එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ යෝජනාවකට මුහුණ දීමට රජයට සිදුව ඇති අවස්තාවකයි.

බුර්කාව සහ නිකාබය තහනම් කිරීම සඳහා කැබිනට් පත්‍රිකාවක් ඉදිරිපත් කර පාර්ලිමේන්තුවේ අනුමැතිය බලාපොරොත්තුවෙන් සිටින බව පසුගිය සතියේ ප්‍රාදේශීය මාධ්‍ය වෙත ප්‍රකාශයට පත් කළේ මහජන ආරක්ෂක අමාත්‍ය සරත් වීරසේකර මහතා ය. මෙම හෙළිදරව්ව සම්බන්ධයෙන් ප්‍රතිචාර දැක්වූ කැපී පෙනෙන පුද්ගලයෙකු වූයේ ශ්‍රී ලංකාවේ පාකිස්තාන මහ කොමසාරිස් සාද් ඛට්ටක් ය. ඔහු කියා සිටියේ, නිකාබ් ශ්‍රී ලංකාව තුල තහනම් කිරීම හරහා සාමාන්‍ය ශ්‍රී ලාංකික මුස්ලිම්වරුන්ගේ සහ ලොව පුරා සිටින මුස්ලිම්වරුන්ගේ හැඟීම් වලට හානියක් වනු ඇති බවයි.

පාස්කු සංහාරයේ සැබෑ වැරදිකරු හෙළි නොකර මුස්ලිම්වරුන් ඉලක්ක කර ගැනීම අනවශ්‍ය යැයි බොහෝ දෙනෙක් විවේචනය කළහ.

පාකිස්තානය එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ සාමාජික රටවලින් එකක් වන අතර එක්සත් රාජධානියේ නායකත්වයෙන් යුත් සමූහය විසින් සභාගත කරන ලද විශේෂිත යෝජනාවට ශ්‍රී ලංකාවට පක්ෂව හෝ විපක්ෂව ඡන්දය ප්‍රකාශ කිරීමට සුදුසුකම් ලබා ඇති අතර එය ශ්‍රී ලංකාව තුල මුස්ලිම්වරුන් ඉලක්කයක් වී ඇත්තේ ඇයි දැයිද කල්පනා කරන රටකි. එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ ඡන්දය ප්‍රකාශ කිරීමට සුදුසුකම් ඇති අනෙක් දකුණු ආසියානු රටවල් වන්නේ ඉන්දියාව, නේපාලය සහ බංග්ලාදේශයයි. කවුන්සිලයේ සාමාජික රටවල් 47 න් 13 ක්ම ප්‍රධාන වශයෙන් මුස්ලිම් රටවල් වන අතර ඔවුන් ශ්‍රී ලංකාවට එරෙහිව ගෙන යා යුතු යෝජනාවට අත්සන් තබනු ඇතැයි අනුමාන කෙරේ.

අප මෙය ලියන අවස්තාවේදීත්, සම අනුග්‍රාහකයන් සහ අතිරේක සම අනුග්‍රාහකයන් ලෙස රටවල් 40 ක් පමණ ශ්‍රී ලංකාව පිළිබඳ යෝජනාවට අත්සන් කර ඇති බවට අනුමාන කෙරේ.

පාකිස්තාන අග්‍රාමාත්‍ය ඉම්රාන් ඛාන්ගේ පසුගිය මාසයේ ශ්‍රී ලංකා සංචාරයට පෙර මෙරට අගමැති මහින්ද රාජපක්ෂ මහතා පාර්ලිමේන්තුවේ කළ නිවේදනයකින් කොවිඩ් -19 නිසා මියගිය මුස්ලිම්වරුන්ට භූමදාන කිරීමට අවසර දෙන බව පවසන ලදි. මීට වසරකට පමණ පෙර කොවිඩ් -19 ආසාදිත මුස්ලිම්වරුන්ගේ දේහ එම ජාතිකයන්ගේ කැමැත්තට විරුද්ධව ආදාහනය කරන ලදී. ජාත්‍යන්තර ප්‍රජාව පැවසුවේ කොරෝනා වෛරසය ජලය හරහා පැතිර නොයන බැවින් භූමදානය කළ හැකි බවයි. මුස්ලිම්වරුන් 200 කට අධික සංඛ්‍යාවක් ඔවුන්ගේ අනුදැනුමකින් තොරව ආදාහනය කර ඇති අතර, එය සිය ආගමිකයන්ව වෙනස් කොට සැලකීමක් සහ වර්ගවාදී පියවරක් බවට මුස්ලිම්වරුන් හඬ නගන ලදි.

අග්‍රාමාත්‍යවරයාගේ එම නිවේදනයෙන් පසු ඛාන් විසින් මුස්ලිම්වරුන්ට භූමදානයට ඉඩ ලබා දීම පිළිබඳව ප්‍රශංසා කරමින් ට්වීටර් පණිවිඩයක් නිකුත් කළ නමුත් එය ක්‍රියාත්මක නොවීය. ඛාන් සමුළුවක් අමතමින් සිටියදී ඔහුගේ අවධානය ලබා ගැනීම සඳහා මුස්ලිම්වරු විශාල පිරිසක් භූමදානය කිරීමට විරුද්ධ වීදි බැස සිටියහ. ඔහු පිටත්ව යාමට පෙර මුණගැසුණු විරෝධතා දැක්වූ මුස්ලිම් මන්ත්‍රීවරුන්ට කියා සිටියේ භූමදානය කිරීමට අවසර දෙන බවට රජය විසින් සහතික කළ බවයි. ආදාහනය කිරීමේ තීරණය ශ්‍රී ලංකා වෛද්‍ය සංගමය විසින් ගනු ලැබූ බවත් රජය එම තීරණයට මැදිහත් නොවූ බවත් රජය ප්‍රකාශ කරන ලදි. කෙසේ වෙතත්, අවසානයේදී, එම තීරණය අවලංගු කිරීමට සිදුවිය. මහජනයාට කිසිදු දැනුම්දීමකින් තොරව, නැගෙනහිර පළාතේ ඔඩුමාවාඩි හි මුස්ලිම් කොවිඩ් -19 දේහ භූමදානය කිරීමට රජය අවසර දී තිබේ. එය දේශපාලන පියවරක් වූ අතර එය සාධාරණ සැකයකින් ඔබ්බට ඔප්පු විය.

ශ්‍රී ලංකාවට ඡන්දය ප්‍රකාශ කිරීම සඳහා දැඩි ලෙස බලපෑම් කරන විදේශ ඇමතිවරයා මෙම ක්‍රියාවලියේදී බොහෝ තානාපතිවරුන් සහ අනෙකුත් නියෝජිතයින් හමුවී ක්‍රියාත්මක කළ හැකි අයිතිවාසිකම් පිළිබඳ ගැටලුව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව තුළ විසඳන බවට සහතික විය. මෙම හැසිරීම දක්වන්නේ 30/1 යෝජනාව ක්‍රියාත්මක කරන ලෙස ශ්‍රී ලංකාවෙන් ඉල්ලා සිටි අයිතිවාසිකම් කවුන්සිලයේ කොමසාරිස් මිෂෙල් බැචලෙට්ගේ ඉල්ලීම ඉවත දමමින් 30/1 යෝජනාවෙන් ඉවත් වූ පසුවයි. වත්මන් තත්වය ශ්‍රී ලංකා රජය තේරුම් ගත යුතුව පවතී.


R R M Lilani

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

සබැඳි ලිපි

Back to top button