ශ්‍රී ලංකාව

“පෞද්ගලික ඉඩම්වල වුණත් කැලේ එළි කරන්න බෑ”

- පාරිසරික නීතිඥ ආචාර්ය ජගත් ගුණවර්ධන

පෞද්ගලික ඉඩම්වල ඇති වනාන්තර කොටස් පවා ඒවායේ හිමිකරුවන්ට රිසි පරිදි හෙලිපෙහෙලි කිරීමට මෙරට නීතියෙන් ඉඩක් නොමැති බව පාරිසරික නීතිඥ ආචාර්ය ජගත් ගුණවර්ධන පවසනවා.

සිංහරාජ රක්ෂිත සීමාවට අයත් හඳපාන් ඇල්ල බෝධියතැන්න ප්‍රදේශයේ සිදුකරන ඉදිකිරීම් සම්බන්ධයෙන් පැහැදිලි කරමිනුයි ඔහු මේබව සඳහන් කර සිටියේ.

මෙරට වටිනාම ස්වභාවික සම්පත් අතරින් ප්‍රමුඛස්ථානයක් ගන්නා සිංහරාජ ලෝක උරුමයට මිනිස් ක්‍රියාකාරකම් හේතුවෙන් සිදුවන අහිතකර බලපෑම් පිළිබඳව පසුගිය කාලය පුරාම වාර්තා වුණා. විශේෂයෙන්ම පසුගිය දිනෙක සිරස ලක්ෂපති වැඩසටහනේදී සිංහරාජය එළි කිරීමේ සිද්ධියක් ගැන ප්‍රකාශයක් කළ තරුණියක් කේන්ද්‍ර කර ගනිමින් විවිධ පුවත් වාර්තා වුණා. ඒ අතර රාජ්‍ය ඇමතිවරු, රාජ්‍ය නිලධාරීන් සහ සමාජමාධ්‍ය පරිශීලකයන් බොහෝ පිරිසක් පැවසු කාරණයක් වුණේ ඒ එළි කිරීම සිදුවන්නේ පෞද්ගලික ඉඩමක බවයි.

පාරිසරික නීතිඥ ආචාර්ය ජගත් ගුණවර්ධනගේ ප්‍රකාශය පහත වීඩියෝවෙන්

 

Leave a Reply

Your email address will not be published.

සබැඳි ලිපි

Back to top button