ශ්‍රී ලංකාව

ඩෝසරයට එරෙහිව – ජවිපෙ සම්මන්ත්‍රණයක්

වර්තමානයේ සිදුවන පරිසර විනාශයට එරෙහිව “ඩෝසරයට එරෙහිව – පරිසරය වෙත යළි හැරෙන කතාබහක්” යනු⁣වෙන් ජනතා විමුක්ති පෙරමුණ විසින් රටපුරා පවත්වනු ලබන සම්මන්ත්‍රණ මාලාවට සමගාමීව මාතර දිස්ත්‍රික් ජනතාව දැනුවත් කිරීමේ සම්මන්ත්‍රණය 2021 මාර්තු 20 දින සවස 3.30ට පමණ මාතර සණස ශාලාවේදී පැවැත්වීමට නියමිතව ඇත.

එහිදී, ජවිපෙ මධ්‍යම කාරක සභික සමන්ත විද්‍යාරත්න, රුහුණු විශ්වවිද්‍යාලය ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය ආචාර්ය ශම්මික ලියනගේ, ඌව වෙල්ලස්ස විශ්වවිද්‍යාලයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය නුවන් ලියනගේ යන අය අදහස් දැක්වීමට නියමිතය.

පරිසර විනාශය පිටුපස ඇති දේශපාලනික, ආර්ථික සහ සාමාජීය කාරණා සම්බන්ධයෙන් ජනතාව දැනුවත් කිරීම මෙම සම්මන්ත්‍රණයේ මූලික අරමුණ වේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

සබැඳි ලිපි

Back to top button