ක්‍රීඩා

වයිට් ඔලිම්පික් රිදී පදක්කම දිනූ දිනය ජාතික ක්‍රීඩා දිනය ලෙස නම් කරයි

සෑම වසරකම මෙරට ජාතික ක්‍රීඩා දිනය ජූලි මස 31 වන දා ලෙස ප්‍රකාශයට පත් කිරීම සඳහා කැබිනට් අනුමැතිය හිමිව තිබේ.

2014 ජුලි 10 වනදා අමාත්‍ය මණ්ඩලය විසින් සෑම වසරකම අප්‍රේල් 06 වන දා මෙරට ජාතික ක්‍රීඩා දිනය ලෙස ප්‍රකාශයට පත් කිරීමට  තීරණය කර තිබුනද, අලුත් අවුරුදු උත්සව සමය හේතුවෙන් අප්‍රේල් 6 වනදා යෙදෙන ජාතික ක්‍රීඩා දිනය කෙරෙහි ජනතාවගේ අවධානය යොමු කර ගැනීම අපහසු වන බව අමාත්‍ය මණ්ඩලයේ අදහසයි.

ක්‍රීඩා දිනයක් ප්‍රකාශයට පත් කිරීම හරහා ක්‍රීඩකයන්ට මෙන් ම සමස්ත ජනතාවට ද ක්‍රීඩාව පිළිබඳ අවබෝධයක් සහ ලැදියාවක් ඇති කළ යුතු බැවින් ජාතික ක්‍රීඩා දිනය වශයෙන් වෙනත් යෝග්‍ය දිනයක් ප්‍රකාශයට පත් කිරීමේ අවශ්‍යතාව ක්‍රීඩා ක්ෂේත්‍රයට සම්බන්ධ විවිධ කණ්ඩායම් විසින් පෙන්වා දී තිබේ.

එම කරුණු සැලකිල්ලට ගෙන මෙරටට කීර්තියක් අත්කර දුන් ඩන්කන් වයිට් ඔලිම්පික් තරගාවලියකදී මීටර් 400 කඩුලු මතින් දිවීම ඉසව්වට රිදී පදක්කමක් දිනා ගත්තේ ජුලි 31 වන දා දිනයක වන අතර එම දිනය මෙලෙස ජාතික ක්‍රීඩා දිනය ලෙස නම් කර ඇත.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button