ශ්‍රී ලංකාව

උඳු පිටි ආනයන තහනම නිසා ‘වෙජිටේරියන්’ හොටෙල් වැහෙන්න යයි

සියලු දිස්ත්‍රික්කවල ප්‍රධාන නගරවල පිහිටා ඇති නිර්මාංස ආහාරපාන අලෙවි කරන ආපන ශාලා බොහොමයක් මේ වනවිට උඳු පිටි ආනයනය කිරීම තහනම් වීම හේතුවෙන් වැසී යන තත්ත්වයට පත්ව ඇති බව සමස්ත ලංකා ආපන ශාලා හිමියන්ගේ සංගමය පවසයි.

ආණ්ඩුව උඳු පිටි ආනයනය කිරීම තහනම් කිරීම නිසා මෙම ආපන ශාලාවලින් නිෂ්පාදනය කරන උඳු ආශ්‍රිත නිෂ්පාදනයන් පිළියෙල කිරීමට නොහැකි තත්ත්වයක් උදාවී ඇති බවත් එම ආපන ශාලා හිමිකරුවන් පාඩු පිට පාඩු ලබමින් සිටින බව මෙම සංගමයේ සභාපති අසේල සම්පත් ‘අරුණ’ පුවත්පතට පවසා තිබෙනවා.

උඳු පිටි ආනයනය තහනම් කර තිබුණද විවිධ කූට උපක්‍රම මගින් වංචනික ව්‍යාපාරිකයන් මෙරටට විශාල ලාභයක් සහිතව උඳු ගෙන්වන බවද මේ වන විට උඳු කිලෝවක මිල රුපියන් දහසක් බවට පත්ව ඇති බවද ඔහු පැවැසීය.

උඳු ආනයන තහනමට පෙර රුපියල් තුන්සිය පනහක්ව පැවැති උඳු පිටි කිලෝවක මිල මෙලෙස ඉහළ යාම නිසා ආපන ශාලා හිමිකරුවන් දැඩි අපහසුතාවකට පත්ව ඇති බවද ඔහු කියා සිටියේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

සබැඳි ලිපි

Back to top button