ශ්‍රී ලංකාව

“කටුපොල් තහනම ගැසට් කරන්න” – පරිසර සංවිධාන එකමුතුව

වත්මන් රජය කටුපොල් තහනම ගැන අවස්ථාව කිහිපයකදී කතා කලත් අපි ඉල්ලුවේ පොල් කටුපොල් තහනම ගැසට් කරන ලෙසයි. එය තවමත් ඉටුවී නැති බව අප්‍රේල් 06 දින පරිසර සංවිධාන එකමුතුවේ කැඳවුම්කරු අඳුරත්විල චන්ද්‍රජෝති හිමියන් බද්දේගම දී ප්‍රකාශ කළේය.

වත්මන් රජය කටුපොල් තහනම් කරන බවට 6 වන අවස්ථාවටත් ප්‍රකාශ කර ඇතත් කටුපොල් තහනම ගැසට් කරන ලෙසටවන ඉල්ලීම් තවමත් නොමැති බව පරිසර සංවිධාන එකමුතුවේ කැඳවුම්කරු අඳුරත්විල චන්ද්‍රජෝති හිමි පවසයි.

එහිමියන් පැවසුවේ මෙම ජයග්‍රහණය පරිසර සංවිධාන දිස්ත්‍රික්ක 5ක ජනතාව දිගින් දිගටම සටන් කර ලැබූ ජයග්‍රහණයක් බවයි. උද්ඝෝෂණ කරමින්, බලධාරීන්ට ලිපි යොමුකරමින්, ජනාධිපති කාර්යාල වෙත යමින් සිදුකළ අරගලයේදී සිරගතවීමට, අධිකරණ කිහිපයක නඩුවලට පෙනී සිටීමට සහ කටුපොල් සමාගම්වල බලපෑම්වලට ලක්වීමට සිදුවූ බව චන්ද්‍රජෝති හිමි පවසා තිබේ.

චන්දජෝති හිමි වැඩිදුරටත් පවසන්නේ එම අරගලයට ඇත්ත ජයග්‍රහණයක් ලැබීමට නම් ගැසට් මගින් කටුපොල් තහනම් කළ යුතු බවයි.

එම හිමියන් මේ බව පැවසුවේ පසුගිය දා(06) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමිනි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

සබැඳි ලිපි

Back to top button