ක්‍රීඩා

ක්‍රීඩාව දේශපාලනීකරණය වීමට ඉඩ තබන්නේ නෑ – අමාත්‍ය නාමල් රාජපක්ෂ

ක්‍රීඩාව කිසිසේත් දේශපාලනීකරණය වීමට ඉඩ නොතබන බව ක්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්ෂ (21) පාර්ලිමේන්තුවේ දී, මන්ත්‍රී තුෂාර ඉඳුනිල් යොමු කළ වාචික ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් මේ බව සඳහන් කළේය.

අතුරු කමිටු ඇති කිරීමට යෝජනා කළද තමා ඊට එකඟ නොවන්නේද මෙම හේතුව නිසා බව පෙන්වා දුන් ක්‍රීඩා අමාත්‍යවරයා අධිකරණයේ ක්‍රියාත්මක නඩු තීන්දුවකට තමා ඇඟිලි නොගසන බවද, ඉදිරියේදී දකුණු ආසියාවේම ක්‍රීඩා මධ්‍යස්ථානය බවට ශ්‍රී ලංකාව පත් කර ක්‍රීඩා ආර්ථිකයක් මෙරට තුළ ඇති කිරීම තම අරමුණ බවත් ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ සහ ලෝක පාපන්දු සම්මේලනයේ ශාඛා මෙරට විවෘත කිරීමට තමා ආරාධනා කරන බවත් ක්‍රීඩා අමාත්‍යවරයා සඳහන් කළේය.

මෙරට ක්‍රිකට් ක්‍රීඩාවේ දූෂණ සහ අක්‍රමිකතා සෙවීම සඳහා ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ කාර්යාලයක් මෙරට ස්ථාපිත කිරීම සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්ෂ්මන් කිරිඇල්ල යොමු කල ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් අමාත්‍යවරයා මේ බව සඳහන් කළේය.

මෙහිදී වැඩිදුරටත් අදහස් දැක් වූ අමාත්‍යවරයා පැවසුවේ රටක් වශයෙන් සෑම අවස්ථාවකම ජාත්‍යන්තර ක්‍රීඩා නීතිරීති අනුව කටයුතු කර ඇති බවයි. ලංකාව මෙරට පිහිටි ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ දූෂණ විරෝධී කමිටුවට (ICC ANTI-CORRUPTION UNIT) සෑම සහයෝගයක්ම ලබා දී ඇතැයිද ක්‍රීඩා අමාත්‍යවරයා සඳහන් කළේය. එම කාර්යාලයක් මෙරට ස්ථාපිත කළේ ශ්‍රී ලංකාව පමණක් නොව, දකුණු ආසියානු අනෙකුත් රටවලද ක්‍රිකට් ක්‍රීඩාවේ දූෂණ ගැන සෙවීමට බවද අමාත්‍යවරයා පැහැදිළි කළේය.

ක්‍රිකට් ක්‍රීඩාවේ පමණක් නොව සෑම ක්‍රීඩාවකම නිළ වරණ පැවැත්වීමේ ක්‍රමවේදය වෙනස් විය යුතු බවත්, ඒ වෙනුවෙන් අමාත්‍යංශ ලේකම් නීතිපති දෙපාර්තමේන්තුව සමග එක්ව කමිටුවක් පත් කර ඇති බවත් ඔවුන් ක්‍රීඩා පනත සකස් කරන බව කී අමාත්‍යවරයා ඉදිරියේදී පාර්ලිමේන්තුවට එම ක්‍රීඩා පනත ඉදිරිපත් කරන බවද එවිට ඒ සඳහා සහාය ලබා දෙන මෙන්ද ඉල්ලා සිටියේය.


පුවත් මූලාශය – රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button