ශ්‍රී ලංකාව

කොවිඩ් 19 අස්සේ, ශ්‍රී ලංකාවෙනුත් කළු පුල්ලි රෝගියෙක් වාර්තා වෙලාද?

ඉන්දියාවේ මෙන් කොරෝනා ආසාදනය සමඟ දිලීරයක් ද ආසාදනය වූ 36 හැවිරිදි පුද්ගලයකු අම්පාර රෝහලේ මියගොස් ඇත. මොළයට විෂබීජයක් යාම හෙවත් මෙනින්ජයටීස් තත්වයෙන් මෙම රෝගියා පෙළුණු බව වෛද්‍යවරු පවසති. මෙසේ මොලයට විෂබීජ යෑමට ප්‍රතිශනක්තීකරනය බොහෝ සෙයින් අඩු විය යුතුය.

ඊට අමතරව ඔහු කොරෝනා ආසාදිතයකු ද වෙයි. මොහුගේ මෙනින්ජයටීස් තත්වයට හේතුව දිලීරයකි.

මෙම මරණය සම්බන්ධයෙන් වෛද්‍ය විශේෂඥයන්ගේ දැඩි අවදානයක් යොමුවීමට හේතු වී ඇත්තේ ඉන්දියාවේ කොරෝනා ආසාදනයෙන් මියයන අය අතර මියුකොමයිකෝසිස් නමැති දිලීර ආසාදනය ද දක්නට ලැබීමයි.

වෛද්‍යවරු පවසන්නේ මේ මරණය සම්බන්ධයෙන් විශේෂ පරීක්ෂණ පැවැත්විය යුතු බවයි. ඔහුට ආසාදනය වී තිබූ දිලීරය ඉන්දියාවේ කොරෝනා ආසාදිතයන් අතර දක්නට ලැබෙන මියුකොමයිකෝසිස් දීලීරය හෝ ඊට සමාන දිලීරයක්ද යන්න හඳුනාගත යුතුය.
එමෙන්ම ඔහුට වැළඳී තිබූ කොරෝනා ප්‍රභේදය ඉන්දියානු ප්‍රභේදය ද යන්නත් පරීක්ෂා කළ යුතුව තිබේ. ඔහුට වැළඳී ඇත්තේ ඉන්දියාවේ දිලීර සමඟ දක්නට ලැබෙන කොරෝනා ප්‍රභේදය නොවේනම් එම ප්‍රභේදය හා දිලීර ආසාදනය අතර සම්බන්ධතාවක් තිබේද යන්නත් වෛද්‍යවරුන් විසින් සොයා බැලිය යුතුව තිබේ.

මරණයට පත්වූ තරුණයා කොරෝනා ආසාදිතයකු සහ දිලීර ආසාදනය වූ අයකු බවට පත්වූ අයුරින් ඔවුන්ගේ ආශ්‍රිතයද එලෙසම ආසාදනය වන්නේද යන්න හා එය ව්‍යාප්තවන තත්වයක් ද යන්නත් සොයාබැලීමට සිදුවනු ඇත.

මේ හේතුවෙන් වෛද්‍ය ක්ෂේත්‍රෙයේ දැඩි අවධානයක් එම තරුණයාගේ මරණය සම්බන්ධයෙන් හෝ ඒ පිළිබඳ සිදුකරන වැඩිදුර පරීක්ෂණ කෙරෙහි යොමු වී ඇත.

වෛද්‍යවරු පවසන්නේ කොරෝනා නියුමෝනියා තත්වයට ගොදුරු වූ රෝගීන් කීප දෙනකු ම දිලීර ආසාදන දක්නට ඇති බව වාර්තා වී තිබෙන බවයි. ඒ පිළිබඳ වැඩිදුර පරීක්ෂණ මේ වනවිට සිදුවෙමින් පවතී.


උපුටා ගැනීම – ගල්ඔය News

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

සබැඳි ලිපි

Back to top button