දැනුම

ස්ත්‍රී යෝනියේ කතාව

යෝනි මාර්ගය යනු ගර්භාෂයට සම්බන්ධ වන සහ බාහිරට විවරවන නාලයක ආකාරයෙන් යුතු මානව කාන්තා සිරුරේ පිහිටන අවයවකි. එය පේශීමය ව්‍යුහයකින් තමයි නිර්මාණය වෙලා තියෙන්නේ. කෙරටීනීභවනය නොවුණු ශල්කමය අපිච්ච්ඡදයකින් සමන්විතයි. 45% ක පමණ උත්තර සහ අපර දෙසට ආනතියකිනුත් සහිතයි. පිටතට විවෘත වන ස්ථානයට ආසන්නව මියුකස් ශ්‍රාවය වන ග්‍රන්ථි පිහිටයි. යෝනි මාර්ගය විවරය දෙපස ඇතුළතින් කුඩා තොල් යුගලක් (labia minora) ද, පිටතින් මහා තොල් යුගලක්ද (labia majora) ද පිහිටයි. සංසර්ග අවයවයක් ලෙස, සංසර්ගයේ දී ශුක්‍රානු පිවිසෙන මාර්ගය සහ දරුවන් ප්‍රසූත කරන විට ප්‍රසූත මාර්ගය ලෙසද ක්‍රියා කරනවා. යෝනිය යනුවෙන් හඳුන්වන්නේ ඉහත පැහැදිලි කළ යෝනි මාර්ගය බාහිර සිරුරට විවෘතවන ස්ථානයයි.

ගර්භාෂය සහ යෝනි මාර්ගය වෙන් කරන පටු ස්ථානය ගැබ් ගෙල (ගර්භාෂ ග්‍රීවය) ලෙස හඳුන්වන අතරම එහි මියුකස් ශ්‍රාවය කරනවා. ඒ හරහා ශුක්‍රානු ගර්භාෂය වෙතට ඇතුළුවීමට ඉඩ සලසනවා. සංසේචනයෙන් පසු ගැබ් ගෙල හරහා මියුකස් ආවරණයක් ඇති කරමින් බැක්ටීරියා ආසාදනය සඳහා කලලයට ඇති අවදානම අවම කිරීමටත් දායක වෙනවා.

මෙවැනි කෘත්‍යයක් ස්ත්‍රී සිරුරට ඉටු කරන යෝනි මාර්ගය උපතින්ම නොපිහිටන හෝ ඉතා කුඩා ලෙස පිහිටන අවස්තාවන් ඇත්තේ ඉතාම දුර්ලභවයි. සාමාන්‍යයෙන් වැඩුණු කාන්තාවකගේ යෝනි මාර්ගය, සාමාන්‍ය පුරුෂ ලිඟුවක් ඇතුළු කිරීමට තරම් ප්‍රමාණයෙන් විශාල නැති නම් එය ගැටළුකාරී තත්වයක් වන්නට පුළුවන්. මෙවැනි අවස්ථාවලදී වෛද්‍ය විද්‍යාත්මකව ශල්‍යකර්මයක් මඟින් එය නිවැරදි කර ගැනීමට අවස්ථාව තිබෙනවා.

සමහර කාන්තාවන්ගේ යෝනි මාර්ගය තුල පවතින ලිහිසි ද්‍රව්‍යය අඩු මට්ටමක පවතින්න පුළුවන්. එවැනි අවස්ථාවල යෝනි මාර්ගය තුල වියලි තත්වයක් හටගෙන, ලිංගික එක්වීමකදී පුරුෂ අවයවය යෝනි මාර්ගය තුල ලිස්සා යාම අඩුවීම නිසා කාන්තාවට වේදනාවක් දැනෙන්නටත් පුළුවන්. කෙසේවෙතත් මේ සියලු අසාමාන්‍ය තත්වයන් සඳහා වෛද්‍ය ප්‍රතිකාර තිබෙනවා.

යෝනියේ සංවේදීම ස්ථානය

යෝනියේ සංවේදිම ස්ථානය ක්ලිටරසය ලෙස හඳුන්වනවා. ඒ මගින් කාන්තාවක් උත්තේජනය හා උද්දීපනයට පත් වෙන්න පුළුවන්. ක්ලිටරිස් යනු ක්ලිටෝරල් හුඩ් ලෙස හැඳින්වෙන සමේ නැම්මක ඇති පුංචි ස්නායු අවසානයකි.

මෙය ස්නායු අවසානයන්ගේ පුළුල් ජාලයක් වන අතර ඒවායින් වැඩි ප්‍රමාණයක් මතුපිටට යටින් පවතී. මෙය අයිස් කුට්ටියක මුදුනක් වැනි ස්ථානයකි.

යෝනිය ශිෂ්ණයට වඩා දෙගුණයක් සංවේදී වැඩියි

පිරිමි පුද්ගලයෙකුගේ ශිෂ්ණය තුල ස්නායු අන්ත 4,000 ක් පමණ ඇති නමුත්, ඊට සාපේක්ෂව කාන්තාවකගේ යෝනියේ ක්ලිටරිස් එක තුල ස්නායු අන්ත 8,000ක් පමණ තිබෙන නිසා කාන්තාවකගේ යෝනිය පිරිමියෙකුගේ ශිෂ්ණය සාපේක්ෂව දෙගුණයකින් සංවේදී බවෙන් වැඩි වෙනවා.

යෝනියේ සුවඳ

යෝනියේ PH අගය මෙන්ම එය සෞඛ්‍ය සම්පන්නව හා සමබරව තබා ගැනීම සඳහා ඉතා විශේෂිත බැක්ටීරියා විශාල ප්‍රමාණයක් යෝනිය සහ යෝනි මාර්ගය ආශ්‍රිතව ජීවත් වෙනවා. සාමාන්‍යයෙන් අනෙක් බැක්ටීරියා වලට මෙන්ම මේවාටත් සුවඳක් තියෙනවා. එමා නිසා යෝනියට ආවේනික සුවඳක් එම බැක්ටීරියා නිසා හටගන්නවා. එය එකිනෙකාට වෙනස් වුවත්, එය එකිනෙකාට ආවේනික සුවඳක් විය හැකියි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button